දවස් දෙක තුනක් මගේ මේ
වැඩ නිසා මට එන්න බැරි වුනා යාලුවනේ. මොනවා
කරන්නද මගේ වැඩ මම ම කර ගන්න එපැයි. එත් ඔයාලට පෝස්ට් එකක් ලියන්න ආස නැතුව
නෙවෙයි. මම බ්ලොග් එක ටිකක් decoration කලා. ගොඩක් අය මගෙන් එක එක දේවල් ඉල්ලනවා. ඒත් මුලින්
දැන ගන්න ඕන දේවල් දැන ගෙන ඉමු. නැත්තම් ඒක අලුත් අයට කරන අසාධාරණයක්. තවත් අය
ඉන්නවා මේ වගේ දෙයක් කරන කොට බලන්නෙ වපර ඇහෙන්. හිතන්නෙ මේකත් මේ කීයක් හරි හොයන්න
කරන ගුන්ඩුවක් කියලා. අපිට ඒවයින් කමක් නෑ.ඕන කෙනෙක් ඕන දෙයක් කියාපුදෙන්. මම මේකට
donation
button එකක් දැම්මෙ
තවත් හොද වැඩකට මුල පුරන්න තමයි. ඒත් ඒ ගැන එච්චර විශ්වාසයක් නෑ. මොකද මේක
ලංකාවනෙ.....
මම අද මුලින්ම දෙන්නම් ඔයාලට පොඩි තෑග්ගක්. හැබැයි මේ තෑග්ගට පොඩි උප්පරවැට්ටියකුත් දාලයි තියෙන්නෙ. මම දෙන්නම් ඔයාලට පරීක්ෂණ කරන්න හොද පරිපථ තියෙන වෙබ් අඩවි දෙකක්.තරහ වෙන්න එපා ඔය නිකන් යන එකේ මටත් කීයක් හරි දීලම යන්න. අඩුම ගානෙ අවුරුද්දක් විතර යන කොට මම හිගන්නෙක් වුනොත් බත් මුලක් වත් ගන්න කීයක් හරි එකතු වේවිනෙ..... වෙබ් අඩවි දෙකේ නම් කෙටි කරල තියෙන්නෙ... ඒ උනාට ඔයාලට ගිහාම හිතෙයි මාරයි කියලා.... කලින් මේවට ගිහිපු අය මට කෝචොක් කරයිද මන්දා........
1.
http://adf.ly/Fg54c
2.
http://adf.ly/Fg58X
අද මම සංඛ්‍යා බාවිතය
ගැන කථා කරන්නයි සූදානම. ගොඩක් අයට නම් අද පාඩම මහා කම්මැලි එකක් වේවි. ඒත් යන ගමන
පිලිවෙලකට යන්න ඕන. අපි computer එකේ වැඩ කරන්නේ ගොඩක් හරිය ඉංග්‍රීසියෙන්.ඒත් මේක ඉංග්‍රීසි
දන්නවද? අප්පො නෑ....මොකෝ පණ තියෙන දෙයක්යැ? Computer එක දන්නෙ එකම එක දෙයයි. ඒ එම පරිපථයේ
විදුලිය ගමන් කරනවද නැද්ද යන්න විතරයි. එනම් on හා off අවස්ථා විතරයි මේවයෙ තියෙන්නෙ. Digital
electronics වල දී මේ
අවස්ථා දෙක 1 හා 0 ලෙස නම් කරනවා. මේකට
අපි කියන්නේ යාන්ත්‍රික භාෂාවක්(Machine language) කියලා. අපි මයික්‍රොකොන්ට්‍රෝලර්
එකක් සමග ගනුදෙනු කරන්නෙත් මේ වගේ සංඛ්‍යා ක්‍රම බාවිතා කරල.
උදාහරණයක් ලෙස මයික්රොකොන්ට්රෝලරයකට
දත්ත ලබා දීමේදී එයට තේරෙන පරිදි දිය යුතුයි. ඒ නිසා අපි මේ සංඛ්‍යා පද්දති ඉගෙන
ගන්නම ඕන. අපි මුලින්ම පහත සංඛ්‍යා පද්දති බලමු.... කම්මැලිද මන්දා...
1.
දහයේ පාදය - Decimal
මෙහිදී අපි
ගන්නෙ 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන සංඛ්‍යා 10 පමණයි. මෙහිදී අපි සංඛ්‍යාවක් ලිවීමේදී එම
සංඛ්‍යාවේ ස්ථාන සදහා නිෂ්චිත වටිනා කමක් ඇත.අපි 2345 යන සංඛ්‍යාව ගනිමු.
දැන් අපි බලමු
දශම සංඛ්‍යාවක කොහොමද අගය ලබා ගන්නෙ කියල. 5.45ගමු.
2.
දෙකේ පාදය - Binary
මේක තමයි
වටිනාම පාදය කිව්වොත් නිවැරදි. ඇයි මම එහෙම කියන්නෙ කියල වැඩ කරන කොට ඔයාලට
පැහැදිලි වේවි.මේකෙ තියෙන්නෙ ඉලක්කම් 2යි. ඒ 1 හා 0 විතරයි. ලේසි නේද 2යි නෙ? උදාහරණයක් විදියට දෙකේ පාදයේ සංඛ්‍යාවක් මේ
වගේ....
10110012
අපි දැන්
ටිකක් ගැඹුරට යන්නයි යන්නේ. අපි ඉහත සංඛ්‍යාව මෙසේ දක්වමු.
මෙහි වම් පැත්ත MSB(Most Significant Bit) සහ දකුණු පැත්ත LSB(Least
Significant Bit) කියල තමයි
හදුන්වන්නේ. මෙහි 1 හො 0 යන එක් අවස්ථාවක් bit එකක් ලෙසත් bit 8ක් byte එකක් ලෙසත් bit 4ක් nibble එක්ක ලෙසත් හදුන්වයි.
දැන් අපි බලමු
දෙකේ පාදයේ අගයක් දුන් විට එය දහයේ පාදයට හරවන්නේ කොහොමද කියල.(Binary to Decimal). අපි ඉහත අගය 10110012 ම ගනිමු. පහත පියවර
අනුගමනය කරන්න.
දශම සංඛ්‍යාවක්
නම් මෙහෙමයි.. 101.10012 යන අගය ගනිමු.
දැන් බලමු decimal එකක් binary කරන
හැටි.මෙන්න මෙහෙමයි....88ම ගනිමු.
හැටි.මෙන්න මෙහෙමයි....88ම ගනිමු.
අගය වන්නේ = 1011000
දැන් දශම සංඛ්‍යාවක් බලමු
කොහොමද හරවන්නෙ කියල.5.5625 ම උදාහරණයට ගනිමු.
පූර්ණ
සංඛ්‍යාවෙන් ලැබෙන්නේ 101 වේ.දැන් දශම
කොටස වන .5625 ගැන බලමු.
ඔන්න මම දැන් කොටස්
දෙක එකතු කරනවා. 101.10012
3.
අටේ පාදය - Octal
මේකත් අර ක්‍රමේටම
තමයි යන්නේ.
දහයේ පාදය අටේ
පාදයට හැරවීම
834.34510
යන අගය ගනිමු.
එවිට අගය
වන්නේ 1502.26058 වේ.
අටේ පාදයේ
සංඛ්‍යාවක් දහයේ පාදයට හැරවීම
ඉහත අගයම
ගනිමු. එතකොට හොදට තේරෙනවා නේදෝ............................
1502.26058
හරිද මන්දා.........ම්
හරිනේ දශමෙ පොඩි පරහක් තියෙනවා. ඒ අපි හරියටම දශම ගත්තෙ නැති නිසා හොදේ.
ද්වීමය සංඛ්‍යාවක්
අටේ පාදයට හැරවීම
අටේ පාදය ද්වීමය සංඛ්‍යාවට
පෙරලීම
මෙහිදී සංඛ්‍යාව
ඉහත ආකාරයටම ඈත් කරල වෙන් වෙන්ව ලියා ගන්න. දැන් වෙනම එක් එක් සංඛ්‍යාවට අදාල
ද්වීමය අගය ලියන්න.දැන් තියෙන්නෙ ඔය ටික ලං කර ගන්න විතරයි යාලුවනේ. ලං කර ගන්න
අමාරු නැහැනෙ....මම දන්නවනෙ ඔයාල කොච්චර දෙවල් ලං කර ගෙන ඇත්ද? ඕකත් මහ
කජ්ජක්ද........?
මෙන්න
උදාහරනෙ...
435.2168
අගය ගමුකො.
මෙකත් ඉතින්
කියන්නම ඕන නිසා කියනවා. නැත්තම් කැතැයි වගේ ..
අපි ගමු වෙන
අගයක්.10111011001.001111012යන සංඛ්‍යාව අටේ පාදයට හරවමුකො.
මේක අපි දශම
තිතේ ඉදල දෙපැත්තට ඉලක්කම් තුනෙන් තුනට වෙන් කරමු.ඊළගට ඒ කෑලි වෙන වෙනම දහයේ පාදයට
හරවනව. දැන් ඉතින් ලං කරනවා. හරිනේ වැඩේ....
බලමුකො
උදාහරනේ.......
1.
දහසයේ පාදය - Hexa
Decimal
දහසයේ පාදය
නම් අනෙක් ඒවට වඩා හරිම වෙනස්. මේකෙ අක්ෂර ක්‍රමේකුත් තියෙනවා. 0 ඉදල 9 වෙනකන්
කිසිම අවුලක් නෑ. එත් 10 ඉදල 15 ට වෙනකන් පිලිවෙලට A,B,C,D,E හා F ලෙස තමයි නම් කරල තියෙන්නෙ.
දහයේ පාදය
දහසයේ පාදයට හැරවීම
367.23410
යන සංඛ්‍යාව ගනිමු.
පුර්ණ සංඛ්‍යාව
මුලින්ම හොදේ....
දහසයේ පාදයේ
සංඛ්‍යාවක් දහයේ පාදයට හැරවීම
අපි ඉහත සංඛ්‍යාව
නැවතත් දහයේ පාදයට හරවමු. එනම් 16F.3BE7 අගය. මෙන්න මෙහෙමයි.
ඔහොම හොදයි
නේද යාලුවනේ...?
දහසයේ පාදයේ සංඛ්‍යාවක් ද්වීමය සංඛ්‍යාවක් බවට හැරවීම
මේ සදහා 5EF.7B16 යන සංඛ්‍යාව ගනිමු.
අම්මො දිගම දිග මහ කම්මැලි හෑල්ලක් නේද? ඒත් ඉතින් මොනව
කරන්නද? මේව නොදැන මොන රොබෝලද ? මල්ලියේ සුද්ද හදපුව කොපි කරන්න නෙමෙයි උන්ව උඩ
යන්න දැනුම අරන් අලුත් දෙයක් හදපල්ල.... නැත්තම් උන් උන්ගෙ රටේ හදල ගෙනත් හෙන ගහන
ගනන් වලට මෙහේ විකුණන දෙයක් උඹල ඊට අඩුවෙන් දෙන්න පුලුවන් විදියට හදපල්ල......එදාට
චීනෙ තියා ගෙන චන්ද්‍රිකා හදන්න ඕන නෑ...මෙහේම හදල අපේ අත්ත මුත්තලටත් පේන්න යවන්න
පුලුවන් දවසක් උදා කරපල්ල......මම අදට යනෝ....... බුදු සරණයි..
හරි නියමයි....මම පූර්ණ සංකයා ගැන දැනගෙන හිටියට බයිනරි දශම ගැන දන්නේ නැ...
ReplyDeleteමට ටිකක් පැහැදිලි කරන්න.
0.5625 * 2 ----- 1
වෙන්නේ කොහොමද?
0.5625*2=1.25 නෙද උත්තරේ? මේකෙ ඉස්සරහ 1 විතරයි ගන්නෙ.දශම කොටස නැවත ගණනයට ගන්නවා.මේ විදියට පූර්ණ 1 හැදෙනකන් කරන්න ඕන.
Deleteහරි හරි නියමයි... :D
Deleteතැනක් ...
ෂා මරු ආ.. ගොඩක් වටිනා ලිපියක්... බ්ලොග් එකේ theme එක ටිකක් වෙනස් කරොත් හොදයි වගේ.. http://attaalaya.blogspot.com/ මේ පැත්තෙත් එන්නකෝ... ජය වේවා!
ReplyDeleteniyamayi puluwannam share button ekak add karanna eka wadagath weyi anik kattiyata danaganna keep it up kolla
ReplyDeletenice blog! i enjoy your initiative keep going with your project! good to help your community. you will have sponsors soon.
ReplyDeleteThanks very much brother
Deleteගොඩක් ස්තූතියි ඔයාල මමත් එක්ක ඉන්න එක ගැන. ඉදිරියටත් ඉන්න
ReplyDelete"හරිද මන්දා.........ම් හරිනේ දශමෙ පොඩි පරහක් තියෙනවා. ඒ අපි හරියටම දශම ගත්තෙ නැති නිසා හොදේ."
ReplyDeleteනැ නැ කිසි අවුලක් නැ...මම කැල් එකකින් හදල බැලුවා...
හරියටම උත්තරේ..
8^-1*2+8^-2*6+8^-5*5=0.3449707031
ඉතාම ආසන්න වශයෙන් 0.345
ඇත්තම කීවොත් අද තමා දශම අද තමා හරියටම තේරුණේ. දිගට ම ලියන්න අයියේ!!
ReplyDeleteනියමයි යාලුවා.ඉක්මනට ඊ ලඟ ලිපියත් දාන්න.අපි හරි අසයි රොබොටික්ස් වලට.ජය වේවා.දිගටම කරගෙන යන්න අනෙක් සමහර අය ලිපි 5ක් 6ක් දාල නවත්වනවා.කොහෙටවත් නැතුව.දිගටම කරගෙන යන්න සුබ පතනවා.
ReplyDeletemicrocontroller mehema igena ganna thiyena ekanam niyamayi.oya niyemeta wade karagena yanawa.digatama liyanna.aththatama godak aya me gana danne na.ela kiri wadak thamai.
ReplyDeleteකෝ මම හැමදාම බලනවා අලුත් ළි[ඊයක් තියේද කියල....නැ නේ ...
ReplyDelete6 වෙනි ඒක ඉක්මනට දාන්න...
plz
elaz
ReplyDelete