Monday, November 26, 2012

සිව් වන පාඩම


        දවස් කීපයකට පස්සෙ ඔන්න මම අදත් අවා ඔයාල හමුවට.ඔයාල මමත් එක්ක තරහද මන්ද?  Facebook එකේ comment දාපු අය නම් දන්නව හේතුව. එයාල නම් මට සමාව දේවි. මම අද ටිකක් අමුතු මාර්තුකාවකට යනවා. එකට හේතුව තමයි එදා මම කිව්වෙ රෙජිස්ටර් හැදිල තියෙන්නෙ flip flop වලින් කියලා. ඒත් මුලින්ම මේ බ්ලොග් එක උදව් කර ගන්න අය දන්නෙ නැහැනෙ ඒව මොනවද කියලා. ඒ හින්ද මම හිතුවා අද digital electronics ගැන කියල දෙන්න.
            අපි ඉගෙන ගන්න electronics analog හා digital කියල කොටස් 2කට බෙදෙනවා. Analog කියන්නෙ විද්‍යුත් සංඥාවක් 0 සිට යම් අගයක් දක්වා සන්තතික ලෙස වෙනස් වීමයි. උදාහරණයක් ලෙස 0 සිට 5 දක්වා වෝල්ටීය තාවය වෙනස් වේ නම් එහි 0, 0.5, 1, 1.02, 3, 3.1, 4.9, 5ලෙස 5 දක්වා ඕනෑම අගයක් ගත හැක.
            එහෙත් digital electronics වලදී එසේ නොවේ.එහි ඇත්තේ අගයන් 2ක් පමණි. එනම් on හා off පමණි. 0 ත් 5ත් අතර ක්‍රියා කරයි නම් එහි ඇත්තේ 0ත් 5ත් පමණි.අද කාලයේ ඇති electronics පුනරුදයට බෙහෙවින් digital electronics වල දියුණුව බලපා ඇත.digital electronics වලදී සියලුම දත්ත 1හා 0න් ලබා දෙයි.එනම් එයට ද්වීමය කේත(Binary code) ක්‍රමය බාවිතා කරයි.
                Digital electronics වල මූලික සැකැස්ම තාර්කික ද්වාර (Logic gate) වේ. Digital circuits, IC, micro controllers මෙම gates එකතු වීමෙන් සෑදී ඇත.මෙම gates AND, OR, NOT, NAND, NOR, XOR යනුවෙන් වේ.මේවායෙන් AND, OR හා NOT gates මූලික ඒවා වේ.පහත රූපයෙන් දැක්වෙන්නේ ඒවායේ සංකේතයන් සහ ගණිතමය ස්වරූපයයි.

      මෙම සියලුම ද්වාර NAND gate යොදාගෙන සෑදිය හැක.එහිදී NAND gates කිහිපයක් යොදා ගත යුතුයි.පහත රූපයේ දැක්වෙන්නේ එසේ කරන ආකාරයයි.


දැන් අපි බලමු මේ gates හදන්නේ කොහොමද කියල. ඇත්තෙන්ම මේව හදන්න උපයෝගී කර ගන්නෙ අර්ධ සන්නායකයි (Semi-conductors). මේවාට යොදා ගන්නේ Diode හා transistors වේ.මේ රූපෙ බලන්නකෝ.



මේ ඔක්කොම gates, transistors පමණක් යොදා ගෙන සෑදිය හැක. මේ රූපෙන් පෙන්නෙ ඒක.බලන්නකො....



Digital logic circuits කොටස් 2කි.
                        1. Combinational logic circuits
                        2. Sequential logic circuits
                Combinational logic circuits කියන්නෙ gates යොදා ගෙන ප්‍රතිදානයේ විවිධ වෙනස් කම් කර ගැනීමයි.එහිදී දත්ත ගබඩා කර ගැනීමක් නැත.නමුත් Sequential logic circuits වල Combinational logic circuits එකකට memory elements එකක් සම්බන්ධ කර ඇත.මේක බලන්නකෝ...


       මේ රූපයෙන් දැක්වෙන පරිදි circuit එකට මුලින්ම ලබා දෙන සංඥාව හා memory elements  එකෙහි ඇති දත්තයන් combinational logic circuit එකට ලබා දේ.එම circuit එකෙන් සංඥාව යම් වෙනස් කිරීමක් කරයි. ප්‍රතිදානය ලබා දේ.නමුත් එවිටම එම ප්‍රතිදානය memory elements එකේ ගබඩා කිරීමක්ද කරයි.ඊළග ප්‍රතිදානය ලබා දෙන විට එම ගබඩා කළ දත්තයද උපාකාරී කර ගනු ලැබේ.මෙම ක්‍රියාව චක්‍රයක් ආකාරයට සිදු වේ.මෙහි විශේෂ්‍යත්වය වන්නේ ප්‍රතිදානය සුලු වේලාවක් ගබඩා කර ගැනීමේ හැකියාවයි.මෙම කාලය clock cycle එකක් වේ.මෙසේ සෑදෙන පරිපථ flip flop වේ.මෙම flip flop circuits, gates යොදා ගෙන සැදිය හැක.
            අද නිකන් පාඩම දිග වැඩිද මන්දා....ඒත් කරන්න දෙයක් නෑ. කරන්නම වෙනවා.අපි විවේකයක් ගන්නත් එක්ක මේ සතියෙ මට වුන වැඩක් කියන්නම්.මම ගෙදර යන්න කොළඹ ඉදල ගාල්ලට එන කොට රෑ 10.30යි. බද්දෙගම බස් එක ගිහින්.මගේ අතේ තිබුනේ රුපියල් 40.00යි. මම දැන් කරන්නෙ මොකද්ද කියලා කල්පනා කරන කොට අපේ ගමේ අයියා කෙනෙක් හම්බ වුනා.මට එයා කිව්වා එයාගෙ තාත්ත එනවා බයිසිකලෙන් එයා එක්ක යමු කියලා.මටත් මාර happy. ඔන්න පැයක් විතර යන කොට ආවා.බද්දෙගම ඉදලා ගාල්ලට එන්න පැයක් විතර යනවා.කිලොමීටර් 25ක් විතර තියෙනවා. අනෙක එදා මාර වැස්ස.අර අයියා තාත්තට කිව්වා අපේ පැත්තෙ මල්ලි කෙනෙක් ඉන්නව දාගෙන යමු කියාලා. තාත්ත කියාපි මේකෙ යන්න බෑ මේ රෑ 3 දෙනෙක් දා ගෙන ගිහින් මොනවා හරි වුනොත් අපිත් කොට උඩ කියලා. මොනවා කරන්නද මම ඒ අයියාට යන්න කියලා.මිනිහටත් හිතට අමාරුයි.මම පයින් එනවා කියලා හිතා ගෙන පයින් ආවා.හැබැයි මාව බයිසිකල් 2කින් සැලකිය යුතු දුරක් එක්ක ආවා. ඒ අයට මගේ ප්‍රණාමය.කොහොම වුනත් ගෙදර එන කොට උදේ 2.30යි.මොනවා කරන්නද මිනිස්සු විවිධාකාරයි නේද?
            ආ දැන් ආයෙ පාඩමට එමු......
            අපි flip flop ගැනනෙ කථා කලේ. Flip flop තියෙනවා වර්ග ගානක්. පහත රූපය බලන්නකෝ.


පහත රූප සටහනෙන් එම flip flop වල කාර්යය හා gate වලින් ඒවා නිර්මාණය වන ආකාරය දැක්වේ.හොදට බලා තේරුම් ගන්න බලන්න.





මෙම රූප ටික හොදට බලල එන ගැටලු මට කමෙන්ට් කරන්න.අනිවාර්යෙන් ගැටලු එන්න ඕන.නැත්තම් නිකන් මේක කියවලා වැඩක් නෑ. Touch එකේ ඉන්නවා කියන්නෙ එකට.
            අදට එහෙනම් මම මේක අවසන් කරනවා. හැබැයි ඉක්මනට අයෙ මම එනවා.හොදට මේ ටික study කරන්න.එහෙනම් මම ගියා....හැමොටම බුදු සරණයි...


5 comments:

  1. ආ..එලම තමයි... මේක ගැන හොය හිටියෙ.....දිගටම කරන් යමන්.... සුපිරි

    ReplyDelete
  2. Nice work machan.......podi awlakata thinne page 1 resolution tikak wadi.digatama karanna yanna wish u al the bst

    ReplyDelete
  3. niyamai macho digital ele nam patta

    ReplyDelete