Tuesday, November 20, 2012

මුල පුරමු මෙසේ


අද ඔන්න මම හාපුරා කියල ආව මුල්ම පාඩම පටන් ගන්න. ඉතින් යාලුවනේ ඔයාල ලැහැස්තිද? අපි බලමු මුලින්ම මේ මයික්‍රොකොන්ට්‍රෝලරය යනු මොකද්ද කියල?
            ඇත්තටම මේක පෙනුමෙන් සංගෘහිත පරිපථයක්(Integrated Circuit (ic) ). ඒත් මේක පුංචි පරිගණකයක් වගේ.මේක අපිට ඕන විදියට දත්ත කවල අවශ්‍ය ආකාරයට යොදා ගන්න පුලුවන්.මෙයට පිටතින් දෙන්න ඕන ප්‍රදානයන්(Inputs) හා බල සැපයුම(Power supply) පමනයි. එවිට අප දී ඇති දත්ත වලට අනුව ක්‍රියා කරනවා.
            මයික්‍රොකොන්ට්‍රෝලරය තුල RAM, ROM, Clock සියල්ල පිහිටවා ඇත. නමුත් මයික්‍රොප්‍රොසෙසරයට මේවා පිටතින් ලබා දිය යුතුයි.හැබැයි මයික්‍රොකොන්ට්‍රෝලරයට සාපේක්ෂව එහි ක්‍රියාකාරී වේගය වැඩි.
            ඔයාල මට කියන්න එපා මම මේකෙ අතීතෙ ගැන කිව්වෙ නෑ කියල. ඒක ඔයාල ඕන නම් කොහෙන් හරි හොයා ගන්න.අනෙක මොකටද අතීතෙ ?.
            මයික්‍රොකොන්ට්‍රෝලරයේ ඇතුලන්තය පහත රූප සටහන් 2න් නිරූපනය වේ. බලල ඒකෙ චිත්ත රූපයක් මවල තියා ගන්නකො.මම පැහැදිලි කරන කොට ඔයාලට පස්සෙ තේරුන් යාවි.






            මයික්‍රොකොන්ට්‍රෝලරයට විදුලිය සැපයූ විට එයට සපයා ඇති ක්‍රම ලේඛනය(Program) පරීක්ෂා කර එයට අනුව පියවරෙන් පියවර(Step by step) වැඩ කරයි. ඒ සදහා ලබා දී ඇති ප්‍රදානයන් පරීක්ෂා කර බලා එයට අදාලව ක්‍රමලේඛනයට අනුව අදාල ප්‍රතිදානයන්(Output) ලබා දෙයි. මේ සදහා මෙය මතකයන්(memory)  2ක උපකාර ලබා ගනු ලබයි.මම ඒව ඉංග්‍රිසියෙන්ම දානවා. මොකද ඒව සිංහලෙන් දැන ගෙන වැඩක් නෑ.
·         Data memory
·         Program memory

PROGRAM MEMORY
            අපි විවිධ ක්‍රමලේඛන ලියන භාෂාවන් වලින් නිර්මාණය වුන ක්‍රම ලේඛනය මයික්‍රොකොන්ට්‍රෝලරයේ ගබඩා කර තබන්නේ මෙම මතකයේය. මෙය ස්ථිර මතකයයි. මෙය බොහෝ විට Flash ROM එකකි.මෙහි ධාරතාවය(Capacity) උපකරණයෙන් උපකරණයට වෙනස් වේ.

DATA MEMORY
            මෙය SFR හා GPR යනුවෙන් කොටස් 2කි. මෙහි GPR යනු RAM එක වශයෙන් බාවිතා වන කොටසයි. SFR යනු මයික්‍රොකොන්ට්‍රෝලරයේ නියමිත වැඩ සදහා සකසා ඇති රෙජිස්ටර්(PORTA, PORTB, TRISA, TRISB) වර්ග වේ. දත්ත හැසිරවීමේ පහසුවට මෙම මතකය BANK 1, BANK 2 වශයෙන් කොටස් 2ට බෙදේ.ඔබට අවශ්‍ය රෙජිස්ටරය බාවිතයට ප්‍රථම එම රෙජිස්ටරය අයත් BANK එක select කරන්න අමතක කරන්න එපා.

            ගොඩක් අය මුලින්ම තෝර ගන්නෙ 16F84 . ඒත් මම හිතුවා  16F877a වගේ එකකින් වැඩේ කලා නම් හරි කියල. අදට එහෙනම් මෙතනින් සමු ගන්නවා. මම ආයෙ බ්ලොග් පෝස්ට් එකකින් එන්නම් අද නවත්වපු තැනින් පාඩම පටන් ගන්න. එහෙනම් ඔබලාට සුභ අනාගතයක්.
                                                                                                                        බුදු සරණයි
            

7 comments:

  1. නියමෙට ලියා තියෙනවා....
    අනාගතේදී මේ සියල්ල පැහැදිලි කරවී කියල බලාපොරොත්තු වෙනවා...
    EEDATE,SFR,GPR,W register,Inetruction decode and control,Stack,EEADR,EEPROM...........මේ හැම 1ක්ම පැහැදිලි කරනවානම් වටිනවා....මොනවද මේවයින් වෙන්නේ,කොහොමද හදල තියෙන්නේ ???
    දිගටම ලියන්න... තෙරුවන් සරණයි....

    ReplyDelete
  2. ඇත්තටම ලොකු හයියක්.ඔක්කොම පැහැදිලි කරනවා.ටිකෙන් ටික සවිස්තරව පැටලෙන්නෙ නැතුව දෙන්නම්.ඔබගේ අගය කිරීම ගැන ගොඩක් සතුටුයි.

    ReplyDelete
  3. මාත් පටන් ගත්තා pic programing ඉගෙන ගන්න.මන් බ්ලොග් කියවල තමා එක කරගෙන යන්නේ.ඒ නිසා මේ බ්ලොග් එකත් මට හුගක් වටිනවා.වැඩිය කල් යවන්නේ නැතුව මේකේ අනිත් ලිපි ටිකත් පල කරයි කියල බලාපොරොත්තු වෙනවා.බලාපොරොත්තු වෙන විදියටම මේ බ්ලොග් එක සාර්ථක වෙන්න කියල සුබ පතනවා,..
    තෙරුවන් සරණයි,..

    ReplyDelete
  4. වටිනා වැඩක්. දිගටම කරගෙන යන්න. මගෙ සුබපැතුම්!

    ReplyDelete
  5. niyama wadak digatama liyanna api maga balagena innawaaaaaaaaaaaaa.......................!!!!!!!!!! thanks!!!!!

    ReplyDelete
  6. පට්ටම පට්ටයි

    ReplyDelete