Wednesday, November 21, 2012

දෙවැනි පාඩම

              ඔයාලට ආයුබෝවන් කියා ගෙනම අදත් මම ඔයාලගෙ දිහාවට එනවා අලුත් දේවල් ගොඩක් අරගෙන. ඉතින් යාලුවනේ මට ගොඩක් සතුටුයි.මට හොද ප්‍රතිචාර ගොඩක් තිබුනා. මගෙන් ඔයාල ඉල්ලල තිබුනා මයික්‍රොකොන්ට්‍රෝලර් එකේ ඇතුලාන්තය ගැන හොද පෝස්ට් එකක් කරන්න කියලා. ඔව් අද මම ඒ ඉල්ලීම තරමක් දුරට හරි ඉටු කරන්න හිතා ගෙන තමයි ආවෙ.කථා ඕන නෑ වැඩේට බහිමු. 
              මොනවගෙන්ද මේක හැදිල තියෙන්නෙ? මේක ඇත්තටම ඉලෙක්ට්‍රොනික් උපකරන විශාල ප්‍රමාණයක එකතුවක්. මේකෙ තියෙන කුඩාම තැනුම් එකකය රෙජිස්ටර්(Register) කියලා තමයි හදුන්වන්නෙ. මේක හැදිලා තියෙන්නේ Flip flop 8ක් එකතු වෙලා. පහත රූපයෙන් ඒක ඔබට පැහැදිලි වේවි.


              Flip flop කියන්නේ bit 1 ක මතකයක් තියා ගෙන ඉන්න පුලුවන් ඉලෙක්ට්‍රොනික් සැකැස්මක්. හැබැයි clock එක තියෙනකන් විතරයි මේ bit එක තියෙන්නෙ. මේ විදියට bit 8ක් රෙජිස්ටර් එකක තියා ගන්න පුලුවන්. අපි මයික්‍රොකොන්ට්‍රොලර් එක ක්‍රමලේඛනය කරනවා කියන්නේ අපේ වැඩේට හරියන්න මේ රෙජිස්ටර් ටික සකසන එකයි.මේ ආකාරයට විවිධ වැඩ වලට විශේෂ කරපු රෙජිස්ටර් මයික්‍රොකොන්ට්‍රෝලර් එක ඇතුලෙ තියෙනවා. මම කලින් දවසෙ කිව්වා නේද මතකයේ තියෙන SFR , GPR කියාලා මතක කොටස් 2ක් ගැන?. මෙහි SFR කියන්නෙ Special function register කියන එකයි. මෙම රෙජිස්ටර් මයික්‍රොකොන්ට්‍රෝලරයේ සුවිශේෂී වැඩ සදහා බාවිතා කරයි.එනම් ඒවායේ අපට ඕන ඕන විදියට දත්ත පුරවන්න බැහැ. අපි පිටතින් ගන්න දත්ත , වෙනත් ගණිත කර්ම වලින් ගන්න දත්ත අපි GPR හෙවත් General purpose register තුල ගබඩා කරනවා. අපි දැන් මේ රෙජිස්ටර් කිහිපයක් ගැන බලමු.

W REGISTER 

             කරුමෙ කියන්නේ මේ ඇතුලෙ තියෙන රෙජිස්ටර් වලට කෙලින්ම දත්ත හුවමාරු කරන්න බැහැනෙ. ඒ නිසා මේකට අතරමැදි රෙජිස්ටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. හරියට නිකන් ලව් කරන කාලෙ කොල්ල සපෝටර් කෙනෙක්ගෙ අතේ ලියුම් යවනව වගේ. ඔන්න ඕකට තමයි W register එක පාවිච්චි කරන්නෙ.

PROGRAM COUNTER 

             අපි මෙහෙම හිතමුකො....අපි පන දා ගෙන ලියන program එක මයික්‍රොකොන්ට්‍රෝලරයට දැම්මම තියෙන්නෙ පේලි විදියට කියලා.හැම පේලියටම අංකයක් තියෙනවා. ඒ කියන්නෙ ඒක තමයි ඒ පේලියෙ ලිපිනය(Address). අපිට මේ ලිපිනයෙන් ඕන වෙලාවක Access කරන්න පුලුවන්.මෙන්න මේ ලිපිනය තියා ගෙන ඉන්න රෙජිස්ටරය තමයි Program register කියන්නෙ.මෙම ලිපිනය clock pulse එක සමග එකින් එක වැඩි වෙනවා.මේක වෙනස් වන්නේ CALL,RETLW, GOTO, RETURN වගේ Assembly key word බාවිතා කලොත් විතරයි.

ALU REGISTER

             මයික්‍රොකොන්ට්‍රෝලරය තුල සිදු කරන ගණිත කර්ම මෙම රෙජිස්ටරය තුල සිදු කරනවා. එකතු කරීම , ගුණ කිරීම , බෙදීම, අඩු කිරීම වගේම බූලියන් ගණිත කර්මත් BIT SHIFTING , BIT ROTATING , BIT ORIENTED වගේ ඒවත් කරන්න පුලුවන්.මම මේ ගණිත කර්ම වෙනම පෝස්ට් එකක් දාල කියල දෙන්නම්. නැත්තම් ඔයාලට විතරක් නෙවෙයි මටත් පටලැවෙනව.පහත රූප සටහනේ දැක්වෙන්නෙ ALU Register එකේ දළ සැකැස්මක්.


             අදට එහෙනම් මම මෙතනින් නවතිනවා. හෙට නම් වැඩ ගොඩක් තියෙනවා.තව රෙජිස්ටර් වර්ගත් තියෙනවා කියලා දෙන්න.කොහොමත් මොළේට දරන්න පුලුවන් ප්‍රමාණෙකුත් තියෙනවනෙ.එහෙනම් ඕං මම ගියා. හැමෝටම බුදු සරණයි......

8 comments:

  1. Good one dude carry on!!
    all the very best

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි

      Delete
  2. නියමයි
    මම කලින් කිව්වේ මෙන්න මේ වගේ රෙජිස්ටර් ඒවා එකට එකතුවෙලා වැඩ කරන විදිය ගැන ලියන්න කියල...
    බොහොම ස්තුතියි....
    දිගටම ලියන්න....
    චිරන් ජයතු...

    ReplyDelete
  3. oyata bohoma sthutti ,anek aya nodanna dewal sarala sinhalen kiyala denawata ,ape mewa english walin kiyawala thibbata samaharak ewa hariyatama therum gihilla naha kiyala dan therenawa thanks!!!!!!!!

    ReplyDelete
  4. good works machan,mata udawwak karanna puluwanda..100/5 CT ekakin 5A enakota 5v hadaganna widihak...mekata mail karanawada p.s.gamage@gmail.com.............thanks

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ප්‍රශ්නෙ පැහැදිලි මදි. 100/5 කියන්නෙ මොකද්ද?

      Delete
    2. e kiyanne ampere 100k yanakota CT eken 5A enawa kiyana eka..e wagema 50A yanakota 2.5A enawa kiyana eka.mata one 5A yanakota 5V ganna

      Delete
    3. මේ ලින්ක් එකේ ඹයාට ඕන උත්තරේ තියෙනවද බලන්න
      http://www.aaroncake.net/Circuits/supply.asp

      Delete